Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th June 2023 18:40:38 Hours

යාපනයේ භටපිරිස් A- 9 මාර්ගය දෙපස පොල් පැළ රෝපණය කරයි

ලෝක පරිසර දිනයට සමගාමීව 55 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 23 ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (5) දින මුහමාලේ ප්‍රදේශයේ ඒ 9 මාර්ගය දෙපස පොල් පැළ රෝපණය කළහ.

මෙම බලඇණිය මීට පෙරද එම ප්‍රදේශයේම ප්‍රධාන මාර්ගය දෙපස කුඹුක්, කොහොඹ වැනි පැල රෝපණය කරන ලදී. පොල් පැල රෝපණය කිරීමේ අවස්ථාව සඳහා 23 ගැමුණු හේවා බළඇණයේ අණදෙන නිළධාරී මේජර් ආර්.එම්.එම්.බී සම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, සමඟ එම ඒකකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.