Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th June 2023 18:49:36 Hours

පොසොන් පුර පසලොස්වක පුන් පොහෝ දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් වැඩසටහන්මාලාවක්

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් පොසොන් පුර පසලොස්වක පුන් පොහෝ දිනය (ජුනි මස 03) නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.

දියතලාව ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් විසින් දියතලාව නගරයේදී දන්සැලක් පැවැත්වූ අතර වර්ණවත් පොසොන් පහන් කූඩු රැසකින් සමන්විත පොසොන් කලාපයක් හල්දුම්මුල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීය. එමෙන්ම, පොසොන් පහන් කූඩු ප්‍රදර්ශනයක් කුඹල්වෙල මහමෙව්නා භාවනා මධ්‍යස්ථානයේ දී පැවති අතර එම පරිශ්‍රයේද භටපිරිස් වර්ණවත් පොසොන් පහන් කූඩු නිර්මාණය කර තිබිණි.

මීට සමගාමීව, ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදී ධර්ම දේශනාවක් සහ බෝධි පූජා පිංකමක් ඇතුළු ආගමික වතාවත් ද සිදුකෙරිණි. මෙම වැඩසටහන් මාලාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.