12th June 2023 18:43:36 Hours
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත 1 බලකාය යටතේ ස්ථාපිත 53 පාබල සේනාංකයේ භටපිරිස් ජුනි මස 03 සහ 04 දෙදින තුළ දඹුල්ල නගරයේදී පොසොන් කලාපයක් පවත්වන ලදී. මෙම පොසොන් කලාපය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි.
මෙම පොසොන් කලාපය තුළ එම ප්‍රදේශයේ බැතිමතුන්ගේ ආකර්ශණයට ලක් වූ වර්ණවත් පොසොන් පහන් කූඩු ප්‍රදර්ශණය කෙරුණු අතර එහිදී දන්සැල් කිහිපයක් ද පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.