Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th June 2023 18:53:36 Hours

කිලිනොච්චිය ශිවම් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

ලෝක පරිසර දිනයට සමගාමීව 64 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 642 පාබල බලසේනාවට අයත් 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (ජුනි මස 6) දින කිලිනොච්චිය ශිවම් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහනට සමගාමීව 23 විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 17 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් 2023 ජුනි මස 07 එම කෝවිල් පරිශ්‍රය පුරා පැවති විශාල කසල ඉවත් කිරීමට ද කටයුතු කළහ.

මෙම වැඩසටහන සඳහා දායකත්වය දැක්වූ භටපිරිස් ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ අනෙකුත් අපද්‍රව්‍ය වෙන් කොට එම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කටයුතු සඳහා යොදවනු ලැබීය.