12th June 2023 18:50:36 Hours
පොසොන් පොහොය නිමිත්තෙන් 23 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (ජුනි මස 03) දින මුලතිව් ප්‍රදේශයේ ස්ථාපිත එම ඒකක ආපනශාලා පරිශ්‍රයේදී සිවිල් වැසියන් වෙනුවෙන් සිසිල් පැන් දන්සලක් පැවැත්වීය.
මෙම වැඩසටහන සාර්ථකව පැවැත්විම සඳහා 23 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සිය දායකත්වය ලබාදුන්හ.