Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2023 20:30:54 Hours

144 පාබල බලසේනාවේ භටපිරිස් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනකට එක්වෙයි

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ලබාදුන් උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 144 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (සෙව්) ශ්‍රී ලංකා ලංකා පාබල හමුදාවේ නිලධාරියෙකු සහ දස දෙනෙකුගෙන් යුත් භටපිරිසක් එක්ව පසුගිය සෙනසුරාදා (ජුලි මස 01) දින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පවත්වන ලද ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහා එක් වූහ.

වැඩසටහනේදී කොළොන්නාව සංවර්ධන කමිටුව, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොළොන්නාව පොලිස් ස්ථානය සහ කොළොන්නාව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යන ස්ථානයන්හි සේවයේ නියුතු නිලධාරීන්, ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සමඟින් යුද්ධ හමුදා භටපිරිස් දොඩන්ගහහේන, 505 - සී කොටිකාවත්ත ග්‍රාම නිලධාරී වසමේ පිහිටි නිවෙස් වෙත ගොස් මහජනතාව දැනුවත් කළහ.

144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සහ 2(සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ මෙම ප්‍රජා සත්කාරක ව්‍යපෘතිය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය ලබාදෙන ලදී.