06th July 2023 21:51:27 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් භටපිරිස් සම්බන්ධීකරණයෙන් කොළඹ ප්‍රදේශයේ දානපතියන් සහ පරිත්‍යාගශීලීන් පිරිසක් විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රහකත්වය මත ‘විශ්ව බෞද්ධාලෝක’ දහම් පාසලේ සිසුසිසුවියන්ට සහ ‘සිඟිත් දිවිහුරු’ පෙර පාසලේ දරු දැරියන් වෙත පානීය ජල අවශ්‍යතා සඳහා ජල ටැංකි පහක් සහ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් පොත්පත් ඇතුළු පාසල් උපකරණ තොගයක් පසුගිය ඇසළ පුර පසළොස්වක පොහොය දින (ජූලි මස 03) කෝකිලායි ‘ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී’ බෙදාදෙන ලදී.
‘ශ්‍රී සම්බෝධි’ විහාරාස්ථානයේ විහාරාධිපති ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්. එම්. එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී, 593 බලසේනාවේ වැඩබලන බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ඩී.පී.සී ආරච්චිගේ, 19 ගැමුණු හේවා බලකායේ සහ 5(සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන පැවැත්වීය.
කොළඹ රාජකීය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික සහ ‘අත හිත’ සංවිධානයේ ප්‍රසාද් ලොකු බාලසූරිය මහතා, ඔහුගේ හිතවතුන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි උපාධිධාරීන් සමඟ එක්ව එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ද සහාය ඇතිව ලීටර් 2000 ක ජල ධාරිතාවක් සහිතව එම ජල ටැංකි පහ සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය දැක්වීය.
19 ගැමුණු හේවා බලකායේ සහ 5(සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදී.
උත්සව අවස්ථාව සඳහා ශ්‍රී තිස්සපුර ගුණරතන හිමි, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා වනිතා ශාඛාවේ සභාපතිනි ෂම්මි ජයවර්ධන මහත්මිය, 593 බලසේනාවේ වැඩබලන බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ඩී.පී.සී ආරච්චිගේ, 591 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.එන්.එම්.ඒ.වී අරඹේපොල ආර්ඩබ්ලිව්පී සහ මුලතිව් බල ප්‍රදේශයේ රාජකාරියෙහි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.