Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2023 20:24:12 Hours

15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවේ භටපිරිස් විහාරස්ථානයක් ප්‍රතිසංස්කරණය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකය යටතේ ඇති 142 පාබල බලසේනාවට අයත් 15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවේ භටපිරිස් මීගොඩ වටරැක ශ්‍රී පුණ්‍යාලෝක විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ දාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත්කරනු ලැබීය.

14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 142 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ මඟපෙන්වීම මත 2023 ජුනි 21 - 30 දක්වා කාලය තුළ එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. විහාරස්ථානයේ දාන ශාලාව ප්‍රතිසංස්කරණය කරනු ලැබු භටපිරිස් විසින් එම විහාරස්ථානයේ බෝධි මළුව සහ විහාරස්ථානය අවට පරිශ්‍රයද පිරිසිදු කරනු ලැබීය.