06th July 2023 22:01:44 Hours
මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේ තවේන්ද්‍රන් මධුෂිගන් නමැති 20 හැවිරිදි තරුණයා පසුගියදා ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්වා ඉන්දීය සාගරය හරහා පිහිනා මෙම කඩඉම තරණය කළ 4 වැනි පුද්ගලයා ලෙස වාර්තාවක් තැබීය.
මඩකලපුව ප්‍රදේශයේ ස්ථාපිත 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ උපදෙස් මත 231 පාබල බලසේනාව විසින් මෙම ක්‍රීඩකයා වෙත එම බලසේනා මූලස්ථානය වෙත ආරාධනා කර උණුසුම් පිළිගැනීමක් ලබාදෙන ලදී.
ඉන්දියාවේ සිට තලෙයිමන්නාරම දක්වා පිහිනිමට ඔහුට පැය 12 යි විනාඩි 58 කට ආසන්න කාලයක් ගත වූ අතර, එම දමිළ තරුණයාගේ නිර්භීත ක්‍රියාව අගයමින් 231 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් ඔහු වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.
එම උත්සවයේදී මඩකලපුව එම් ජේ එෆ් සිංහ සමාජය විසින් එම තරුණයා වෙත මුදල් චෙක්පතක් පිරිනමමින් ඔහුගේ මෙම නිර්භීත ක්‍රියාව ඇගයීමට ලක් කළේය.
මඩකලපුව දිස්ත්‍රික් ලේකම්, මඩකලපුව කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, මඩකලපුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ විදුහල්පති, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් කොමසාරිස් සහ ඔහුගේ ආදරණීය දෙමාපියන් ද එම අවස්ථාවට පැමිණ සිටි අතර, එහිදි තවේන්ද්‍රන් මධුෂිගන්ගේ අනාගත කටයුතු සාර්ථක කරගැනීම සඳහා ඔවුන්ගේ ආශීර්වාදය ද එක්කළේය.