07th July 2023 21:00:43 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ, 233 පාබල බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 9 ක්‍ෂේත්‍ර රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් දික්කැලේ ඤාණප්‍රදීපාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුව සිංහපුර ශ්‍රී ගැමුණු විහාරයේ "සංඝාවාසය" ඉදිකර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වෙත පසුගිය ඉරිදා (ජුලි 02) දින පැවති උත්සවයකදී භාරදෙනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ. ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී උපදෙස් මත ‘අත හිත’ මානුෂීය ව්‍යාපෘතියේ ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ සම්බන්ධීකරණය ඇතිව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන චින්තක අබේසේකර මහතා සහ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන තේජා කපුරුගේ මහත්මියගේ අනුග්‍රහය ඇතිව මෙම සංඝාවාසය ඉදිකරන ලදී.
233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ.සී.එස් ද සිල්වා සහ 9 ක්‍ෂේත්‍ර රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එම්.අයි.එස් චන්ද්‍රකුමාර යූඑස්පී පීඑස්සී අයිජී ගේ අධීක්‍ෂණය යටතේ එම රෙජිමේන්තුවේ භටපිරිස්හී තාක්ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ඇතිව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී. සංඝාවාසය විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ නියෝජිතයන් පිරිසක් එක්ව සිටි අතර, ව්‍යාපෘතිය සඳහා වැය වූ රු. 167,200.00 මුදල අනුග්‍රාහකයින් විසින් ලබාදෙන ලදී. මෙම අවස්ථාව සඳහා 233 පාබල බලසේනාවේ බලසේනාධිපති, 9 ක්‍ෂේත්‍ර රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි සහ එම ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.