06th July 2023 21:45:43 Hours
මහා සංඝරත්නයේ ආරාධනයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් ඇසළ පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව ජුලි 2 ඉරිදා බට්ටිකාමඩුව, කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යය රාජාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කරන ලදී.
විශ්‍රාමික විදුහල්පතිනි ගුණවතී පෙරේරා මහත්මිය, පුෂ්පා හෙට්ටිආරච්චි මහත්මිය, බස්නායක මහතා සහ එම මහත්මිය, එක්සත් රාජධානියේ වෙසෙන රසික ලක්මාල් මහතා ඇතුළු විදේශීය පරිත්‍යාගශීලීන් කිහිප දෙනෙකු මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය දායකත්වය දක්වනු ලැබු අතර, මහඔය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.එල්.වයි.ඒ ලක්පුර මහතාගේ අධීක්‍ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් විසින් ඉදිකරන ලද මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.
මෙම ආගමික උත්සවය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් රංජන් ළමාහේවා (විශ්‍රාමික), 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් සහ බැතිමතුන් රැසක් සහභාගී වූහ.