Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th July 2023 18:28:07 Hours

23 ගැමුණු හේවා බළකායේ භටපිරිස් පලෙයි ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 522 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 ගැමුණු හේවා බලකායේ භටපිරිස් පසුගිය බදාදා (ජුලි මස 26) දින පලෙයි ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා එම රෝහලේ කාර්යය මණ්ඩලය සමඟින් 15 දෙනෙකුගෙන් යුත් භටපිරිසක් සහභාගී වූහ.

මෙම වැඩසටහන 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් හා 23 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ආර්.එම්.එම්.බී සම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කෙරිණි.