Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th August 2023 00:40:13 Hours

යුද්ධ හමුදා භටපිරිස් කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන්ට සරඹ පුහුණුව ලබාදෙයි

කොළඹ රාජකීය විද්‍යාලය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථාන - බටහිර යටතේ පිහිටි 14 පාබල සේනාංකයේ 142 පාබල බලසේනා බලප්‍රද්ශයේ ස්ථාපිත21 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු‍වේ, 7 ගැමුණු හේවා බලකාය, 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 7( ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ ප්‍රවීණ සරඹ උපදේශකවරුන් විසින් එම විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල වෙනුවෙන් සිසුන් සඳහා සරඹ පුහුණු වැඩසටහනත් ජූලි මස 17 දින සිට ජූලි මස 27 දින දක්වා පවත්වනු ලැබීය.

සරඹ පුහුණුව අතරතුර සිසුන්ට විනය පවත්වාගෙන යාම, කණ්ඩායමක් වශයෙන් ක්‍රියාකිරිමේ පුහුණුව ලබාගැනීමට ද අවස්ථාව උදාවිය. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්‍ගේ උපදෙස් මත 142 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම පුහුණු වැඩ සටහන දියත්කරනු ලැබීය.