Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th August 2023 00:30:13 Hours

යුද්ධ හමුදා භටපිරිස් ගින්නලිය රක්ෂිතයේ හටගත් ලැව්ගින්නක් මැඩ පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයේ 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 (ස්වෙඡ්චා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ඌරුබොක්ක පොලිස් ස්ථානය විසින් සිදුරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින උදෑසන මාතර දිස්ත්‍රික්කයේ කුරුතොටකන්ද, ගින්නලිය රක්ෂිතයේ හටගත් ලැව්ගින්නක් මැඩපැවැත්වීමට කඩිනමින් ක්‍රියා කළහ.

යුද්ධ හමුදා සාමාජිකයින් කණ්ඩායමක් එම ස්ථානය වෙත ගොස් කොළොන්න ප්‍රදේශය ආශ්‍රිතව වේගයෙන් පැතිර යමින් තිබූ ගින්න අනෙකුත් ප්‍රදේශවලට පැතිර යාමට පෙර පැය තුනක් වැනි කාලයක් ඇතුළත නිවා දැමීමට සමත් වූහ. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මෙම මහෙයුම සමීපව අධීක්‍ෂණය කරනු ලැබීය.