04th August 2023 00:47:13 Hours
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත මිරිසුවිල් ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින සිදු කරන ලදී.
විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන මව සහ දියණියන් තිදෙනෙකුගෙන් සමන්විත මෙම පවුල ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව පොල් අතු සෙවිලි කල නිවසක ජීවත් වන අතර, එම පවුලේ බාල දියණියන් දෙදෙනා පාසල් අධ්‍යාපනය හදාරමින් සිටිනු ලැබේ. ඔවුන්ගේ වැඩිමහල් දියණිය තාවකාලික රැකියාවක නිරතවෙමින් සිය පවුලේ අවශ්‍යතාවයන් සපුරාලනු ලබන අතර, සිය පවුලේ එකම ජීවන මාර්ගයද එය වේ. මිරිසුවිල් ප්‍රදේශයේ පදිංචි ඇනිස්ටන් ඇන්ඩෘ දේවගැති පියතුමා මෙම පවුලේ තත්ත්වය පිළිබඳව යුද්ධ හමුදාවේ භටපිරිස් දැනුවත් කිරීමෙන් පසුව අදාළ පාර්ශවයන් සමඟ සම්බන්ධීකරණයෙන් නව නිවසක් ඉදිකර දීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරනු ලැබීය.
නව නිවස ඉදි කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා මූල්‍යමය අනුග්‍රාහාහකත්වය ‘Imagine Compassion’ සංවිධානය විසින් ලබා දුන් අතර, 523 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 11 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදා ගනිමින් නව නිවස ඉදිකිරීමේ කටයුතු සිදුකරනු ලබයි. මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, නිවස ඉදිකර දීමට යෝජිත පවුලේ සාමාජිකයින් සහ ගම්වාසීන් සහභාගී වූහ.