14th August 2023 19:08:44 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 521 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් යාපනය කරණවායි (බටහිර), තමෝදර පාසලේ බලධාරීන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව එම පාසලේ සිසුසිසුවියන් සමඟින් එක්ව පසුගිය බදාදා (අගෝස්තු මස 09) දින පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.
12th August 2023 18:16:43 පැය
කරුවලගස්වැව, තබ්බෝව රක්ෂිතයේ පසුගිය සිකුරාදා (අගෝස්තු මස 11) දින සන්ධ්‍යාවේ හටගත් ලැව්ගින්නක් මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 143 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.
12th August 2023 18:06:19 පැය
23 පාබල සේනාංකයේ මඟපෙන්වීම යටතේ 233 පාබල බලසේනාවේ භටපිරිස් විසින් කදිරවේලි, තිලකාවතියාර් ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් 2023 අගෝස්තු මස 01 දින සල්ලතිව් වෙරළ තීරයේදී විනෝදාස්වාද වැඩසටහන් සහ විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීය.
11th August 2023 20:24:00 පැය
පස්යාල - ගිරිඋල්ල මාර්ගයේ මීරිගම, විල්වත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී 2023 අගෝස්තු මස 09 දින කන්ටේනර් රථයක් ධාවනය වෙමින් පැවති දුම්රියක ගැටුණු අතර එම ස්ථානයේ පැවති මාර්ග තදබදය පාලනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට සහ පොලිස් නිලධාරින්ට අවශ්‍ය සහයෝගය 1 බලකාය යටතේ ස්ථාපිත 58 පාබල සේනාංකයට අයත් 583 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් වෙතින් ලබාදෙනු ලැබීය.
09th August 2023 18:33:29 පැය
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වි යූඑස්පී පීඑස්සී එන්ඩීයූ සහ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය ඉරිදා (අගෝස්තු මස 06) දින අක්කාරෙයි වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය.
08th August 2023 23:27:15 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය සහ 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (අගෝස්තු මස 8) දින කඳාන ‘ග්ලෝබල් කෙයාර් ප්‍රොඩක්ට්ස් සමාගමේ’ (Global Care Products Company) හදිසියේ ඇති වූ ගින්නක් පාලනය කිරීම සඳහා සිය සහයෝගය ලබාදුන්හ.
08th August 2023 22:12:19 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 611 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් රත්නපුර, මුද්දුව නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි කනදොල කුණු කන්දේ පසුගිය ඉරිදා (අගෝස්තු මස 6) දින මධ්‍යම රාත්‍රියේ ඇති වූ ගින්නක් කඩිනමින් මැඩපැවැත්වූහ.
08th August 2023 21:29:15 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 143 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සියඹලාව ප්‍රාථමික විද්‍යාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් 13 දෙනෙකු සහ ගාල්ලේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 24 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි 143 පාබල බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (ජුලි මස 25) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
08th August 2023 21:15:29 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන කොට්ඨාශයේ භටපිරිස්වල සහභාගීත්වයෙන් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස මහජන ආරක්ෂාව වෙනුවෙන් 2023 අගෝස්තු මස 3 සිට 5 දින දක්වා කාලය තුළ පිළියන්දල ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
07th August 2023 21:21:25 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 පාබල සේනාංකයට අනුයුක්තව රාජකාරි සිදුකරනු ලබන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ...