2023-08-15 21:29:30
කුකුලේගඟ සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය මගින් පවත්වනු ලැබූ මෙහෙයුම් මූලස්ථාන ආරක්ෂක කණ්ඩායම් පෙර පුහුණු පාඨමාලාව අංක - 15 සහ ගුවන් හමුදා භඨ පිරිස් පෙර පුහුණු පාඨමාලාව අංක - 09 යන පාඨමාලාවන් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස10) දින සාර්ථකව අවසන් විය.
2023-08-07 19:30:50
ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ‘ශ්‍රී ලංකා තානාපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය - 2023’ පසුගිය ඉරිදා (ජූලි මස 23) දින උදෑසන බේරූට්, අච්රාෆිහි (Achrafieh) ශාන්ත ජෝශප් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2023-08-02 22:13:33
එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ කණ්ඩායමේ සහභාගීත්වයෙන් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ රාජකාරි කරනු ලබන මෙරට යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක භට ඛණ්ඩයේ උපකරණ පරීක්ෂාව (COE) පසුගිය අඟහරුවාදා (ජූලි මස 25) දින ගාඕ හි ‘Super Camp’ පරිශ්‍රයේදී පැවැත්වූහ.
2023-08-02 22:00:09
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) නියෝජිත කණ්ඩායමක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 01) දින 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම (SLFPC) ස්ථාපිත ලෙබනනයේ, නකෝරා හි ‘Sri Base’ කඳවුරු පරිශ්‍රයේදී වෙත ගොස් මෙම වසරේ 3 වන කාර්තුවේ උපකරණ පරීක්ෂාව (COE) සිදු කරන ලදී.
2023-07-14 05:28:33
ජාතීන් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය සහ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින්, ජුලි මස 6-9 යන දිනයන්හි නැගෙනහිර කලාපයේ ‘නාකූරා’ (Naqoura) හි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) රාජකාරි කරනු ලබන ‘ශ්‍රී බේස්’ (Sri Base) කඳවුරු පරිශ්‍රයේ සහ ඉන්දියානු බලඇණියේ (INDBATT) පුහුණු කරන ලද සුනඛයන් සහ ඔවුන්ගේ භාරකරුවන් යොදා ගනිමින් දින දෙකක දීර්ඝ ‘K-9 ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක්’ පවත්වනු ලැබූය.
2023-07-11 22:06:27
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ පළමු උපකරණ පරීක්ෂාව (COE) 2023 ජුනි මස 16 දින ලෙබනනයේ ග්රීන්හිල්, නකූරා ප්‍රදේශයේ පිහිටි මූලස්ථාන කඳවුරු පරිශ්‍රයේදී සිදුකරනු ලැබීය.
2023-07-11 20:11:31
ලෙබනනයේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ ප්‍රථම ‘Exercise Falcon Strike I - 22/23’ යුද අභ්‍යාසය 2023 ජුනි මස 22 දින ආරම්භ කෙරිණි. එම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මූලස්ථාන ආධාරක ඒකක පුහුණු ශාඛාව, ඉන්දුනීසියානු හමුදා ආරක්ෂණ ඒකකය, ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භඨ කණ්ඩායම, ටැන්සානියානු හමුදා ඒකකය, එක්සත් ජාතීන්ගේ අතුරු බලකා රෝහල සහ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා ආරක්ෂක අංශයේ නියෝජිතයන් රැසක් සහභාගී වූහ.
2023-07-10 23:12:42
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා ඇගයීම් අංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ කාර්ය සාධනය, සම්පත් භාවිතය, ප්‍රතිපත්ති සඵලතාවය, කළමනාකරණය සහ ව්‍යුහාත්මක කරුණු ඇගයීමට ලක්කිරීමේ වැඩසටහනක් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය වෙතින් පසුගිය අඟහරුවාදා (2023 ජුනි මස 27 දින) ග්රීන්හිල් කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වීය. බලසේනා සහ කොට්ඨාශයන්හී අණදෙන නිලධාරීන් යටතේ ස්ථාපිත ඒකකවල පරිපාලනමය කරුණු හඳුනාගැනීමේ අරමුණින් මෙම ඇගයීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී, ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ යෝග්‍යතාවය පිළිබඳ ඇගයීමට ලක්කෙරිණි.
2023-07-06 21:33:30
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා මෙරටින් පිටත්ව යන ලද 5 සංග්‍රාමික රථ ආරක්ෂක භට ඛණ්ඩයේ (CCC) නව අණදෙන නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් ඩබ්ලිව්.ඩබ්.එන්.පී වික්‍රමආරච්චි පසුගිය අඟහරුවදා (ජූලි මස 04) දින ‘Gao Super Camp’ හිදී රාජකාරි භාර ගන්නා ලදී.
2023-07-03 21:49:23
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා මෙරටින් පිටත්ව ගිය 4 වන සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩායම (CCC) රාජකාරී නිමාවෙන් පසුව සදුදා (ජුලි 03) දින දිවයිනට පැමිණියහ.