2024-03-12 15:06:11
14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම 2024 මාර්තු මස 07 දින ‘බේරූට්’ (Beirut) හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීර මහතා හමුවිය.
2024-03-01 16:33:22
14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් ඩී.පී.අයි.ටී කළුඅග්ගල ආර්එස්පී යූඑස්පී අයිජී, දෙවන අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩී.එස්.එස් ප්‍රනාන්දු යූඑස්පී, නිලධාරීන් සහ සෙසුනිලයින් කිහිප දෙනෙකු පසුගිය බදාදා (පෙබරවාරි මස 28) දින ලෙබනනයේ ‘තියර්’ (Tyre) හි පිහිටි කොරියානු සාම සාධක බලඇණිය (ROKBATT) UNP 2-5, වෙත නිල සංචාරයක නිරත වූහ.
2024-02-28 16:10:39
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ නියෝජ්‍ය බලකාධිපති (DFC) මේජර් ජෙනරල් චොක් බහදූර් ධකාල් (Major General Chok Bahadur Dhakal ) පසුගියදා බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 22) දින ග්රීන්හිල් හි පිහිටි 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම් කඳවුරෙහි නිල සංචාරයක නිරත විය.
2024-02-16 11:49:36
14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් ඩී.පී.අයි.ටී. කළුඅග්ගල ආර්එස්පී අයිජී ප්රමුඛ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් 2024 පෙබරවාරි මස 12 දින ‘ටයර්’ (Tyre) නැමැති ප්‍රදේශයේ ස්ථාපිත මැලේසියානු සාමසාධක බලඇණි මූලස්ථානයේ යූඑන්පී 2-1 (Malaysian Peacekeeping Battalion UNP 2-1) පරිශ්‍රයේ සංචාරයක නිරත විය.
2024-02-07 15:18:41
ශ්‍රී ලංකාවේ 76 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ලෙබනනයේ බේරූට් හි බොගෝසියන් (Boghossian) රඟහලේදී විශේෂ වැඩසටහනක් පැවැත්වූ අතර, එම අවස්ථාවට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීර මහතාගේ ආරාධනයෙන් ලෙබනනයේ 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් ඩී.පී.අයි.ටී. කළුඅග්ගල ආර්එස්පී යූඑස්පී අයිජී, මේජර් ඊ.එම්.එච්.සී ද සේරම්, මේජර් එස්.එම්.එන්.එම් මාන්නගේ, මේජර් ආර්.එම්.පී.ඩබ්ලිව්.බී ඉලුක්කුඹුර සහ එම මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ සංස්කෘතික කණ්ඩායම සහභාගී වූහ.
2024-02-06 11:23:06
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී භාරගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 10 වන යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම අඟහරුවාදා (පෙබරවාරි මස 06) දින උදෑසන මෙරටින් පිටත්ව යනු ලැබීය.
2024-02-06 09:50:42
එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක වන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා යොදවා සිටි නිලධාරීන් 09 දෙනෙකු සහ සෙසුනිලයින් 43 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 9 වන කණ්ඩායම සඳුදා (පෙබරවාරි මස 05) දින උදෑසන දිවයිනට පැමිණෙන ලදී.
2024-01-30 18:50:35
දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත 10 වන වෛද්‍ය කණ්ඩායම අඟහරුවාදා (ජනවාරි මස 30) දින වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත සිය ගෞරවාචාරය පිරිනැමූහ.
2024-01-11 20:13:13
ලෙබනනයේ 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් ඩී.පී.අයි.ටී. කළුඅග්ගල ආර්එස්පී අයිජී සහ දෙවන අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩී.එස්.එස්. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී අයිජී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29) දින, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා සේවා බෙදාහැරීමේ කළමනාකරණ මූලස්ථානයේ ප්‍රධාන කළමණාකාර රාජේෂ් චඩා මහතා (Mr. Rajesh Chadha) හමුවිය.
2023-12-28 21:33:51
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ භටපිරිස් නත්තල් දිනය වෙනුවෙන් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 24) දින ලෙබනනයේ ‘Sri Base‘ ශ්‍රවණාගාරයේ දී වැඩසටහනක් පවත්වන ලදී.