Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2023 22:06:27 Hours

ලෙබනනයේ 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ ප්‍රථම උපකරණ පරික්‍ෂාව සිදුකෙරේ

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ පළමු උපකරණ පරීක්ෂාව (COE) 2023 ජුනි මස 16 දින ලෙබනනයේ ග්‍රීන්හිල්, නකූරා ප්‍රදේශයේ පිහිටි මූලස්ථාන කඳවුරු පරිශ්‍රයේදී සිදුකරනු ලැබීය.

ශ්‍රී ලංකා බලධාරින් විසින් ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම වෙත ලබාදෙනු ලබන උපකරණවල ගුණාත්මකභාවය තක්සේරු කිරීම සහ ශ්‍රී ලංකා රජය සහ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමේ සඳහන් පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දක්වා ඇති අඛණ්ඩ කාර්ය සාධන ප්‍රමිතීන් සහතික කිරීමේ අරමුණින් මෙම ත්‍රෛමාසික පරීක්‍ෂණය පවත්වනු ලබයි.

14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ සියලුම නිලධාරින් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ භඨකාර්ය සම්පාදන නිලධාරි ව්ලෝඩ්මයර් ඔලේකා මහතා (Mr. Volodymyr Olekha) ප්‍රමුඛ කණ්ඩායමක් රජය විසින් සපයනු ලබන ප්‍රධාන උපකරණ කට්ටල, බහාලුම්, සංග්‍රාමික රථ, වාණිජමය ආධාරක රථ, හමුදාමය ආධාරක රථ, අවි ආයුධ, පතොරම්, සැපයුම් උපකරණ සහ යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීමේ හැකියාව ඇතුළු අනෙකුත් උපකරණ නිරීක්‍ෂණය කර ඇගයීමට ලක්කරනු ලැබූහ.