2023-07-02 11:46:22
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා මෙරටින් පිටත්ව යන වෘත්තීයමය වශයෙන් පුහුණුව ලත් යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත 5 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ (CCC) පළමු කණ්ඩායම වශයෙන් 170 කින් යුත් භටපිරිසක් සෙනසුරාදා (ජූලි 01) දින සන්ධ්‍යාවේ මාලි රාජ්‍යය බලා පිටත්ව ගියේය. ඉතිරි භටපිරිස් අදියර වශයෙන් පිටත්ව යාමට නියමිතව ඇත. සාම සාධක භටපිරිස් කණ්ඩායම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව යන අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති හා යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
2023-06-30 15:10:43
යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මාලි රාජ්‍යයෙහි නිල සංචාරයක නිරතව සිටින අතර, එහිදී මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය (MINUSMA) මගින් මෙරට භටපිරිස් සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ B1 නව කණ්ඩායම (CCC-B1) රාජකාරි යෙදවීමට ප්‍රථම ඒ සබැදිව බමාකෝහි (Bamako) පිහිටි මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ දූත මණ්ඩල ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරල් මියුනියර් ජීන්-මයිකල් (Brigadier General Meunier Jean-Michel) සමඟ පසුගිය බ්‍රහස්පතින්දා (29) දින සුහද සාකච්ඡාවක් පවත්වනු ලැබීය.සුහද හමුවේදී මෙරට භටපිරිස් ජීවිත අවධානම සහ භූමියේ දුෂ්කරතා ගැන නොතකා සිදුකරනු ලබන කාර්යභාරය හා එහි වැදගත්කම, මෙරට සාම සාධක මෙහෙයුම්වල කාර්ය සාධනය පිළිබඳව වූ වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කරන ලදී.
2023-06-30 14:10:43
යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩය - B1 කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් එස්.ඩබ්ලිව්.පී.එම්.එච්.ආර් සේනාධීර ආර්ඩබ්පිව්පී ආර්එස්පී පීඑස්සී මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ නැගෙනහිර කලාප අඥාපති බ්‍රිගේඩියර් ජෙනරල් හරේන්ද්‍ර ප්‍රතාක් (Brigadier General Harendra Pratak) සහ 2023 සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ නව B1 කණ්ඩායම යෙදවීමට නියමිත ඊජිප්තු කඳවුරෙහි සැපයුම් අංශ ප්‍රධානී ආශා කිං මහත්මිය (Ms Asha Kin) සමඟ පසුගිය අඟහරුවාදා (27) දින සුහද සාකඡ්චාවක් පවත්වනු ලැබීය.
2023-06-27 22:06:00
ලෙබනන් මලල ක්‍රීඩා සම්මේලනයේ සහ අභ්‍යන්තර ආරක්‍ෂක අංශ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අධීක්‍ෂණය යටතේ අභ්‍යන්තර ආරක්‍ෂක බලකායේ (ISF) පොදු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික අභ්‍යන්තර ආරක්‍ෂක බලකායේ අර්ධ මැරතන් තරගය ඉකුත් ඉරිදා (ජුනි 11) දින ලෙබනනයේ බීරූට්හිදී පැවැත් විය.
2023-06-27 21:53:21
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත් කිරීමට නියමිත සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් පුහුණු කරවීමේ පෙරපුහුණු පාඨමාලා අදියර බී - I (කාන්තා) දින 14 ක පුහුණු කාලසීමාවකින් අනතුරුව පසුගිය අඟහරුවාදා (27) දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතන පරිශ්‍රයේදී සමාප්ත විය.
2023-06-26 21:08:04
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL), මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC)...
2023-06-23 19:28:57
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම (Combat Convoy Company) සිකුරාදා (23) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීය.
2023-06-20 20:04:14
අර්ධ වාර්ෂිකව පවත්වනු ලබන ‘Steel Storm I - 2023’ සජීවී වෙඩි තැබීමේ ඒකාබද්ධ අභ්‍යාසය ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය (UNIFIL) සහ එරට රාජකාරියෙහි නියුතු සන්නද්ධ හමුදාවන්ගේ (LAF) සහභාගීත්වයෙන් ජුනි මස 05 දින සිට 09 දින දක්වා ලෙබනනයේ දකුණු නකූරා කඳවුරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදෙස් වලට අනුකූලව මෙම වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාසය පැවැත්වීය.
2023-06-20 19:50:23
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් ජෙනරල් චොක් බහදූර් ධකාල් (Brigadier General Chok Bahadur Dhakal) 2023 ජූනි මස 06 දින ලෙබනනයේ නකූරා ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක...
2023-06-14 18:40:31
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය (UNIFIL) විසින් සංවිධානය කරන ලද බැඩ්මින්ටන් තරඟාවලියක් ජූනි මස 05 - 09 යන දිනයන්හිදී පැවැත්විණි. එහිදී මූලස්ථාන බලකා ආධාරක ඒකකයේ (FHQSU) ශ්‍රී ලංකාවේ මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ (SLFPC) කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායම ලෙබනනයේ Naqoura හි එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ ඉන්දුනීසියානු කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායම සමඟ පැවති Rub Hall විවෘත කාන්තා යුගල ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගන්නා ලදී.