Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th July 2023 21:33:30 Hours

5 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ නව අණදෙන නිලධාරී ධූරයේ රාජකාරි භාර ගනී

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා මෙරටින් පිටත්ව යන ලද 5 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ (CCC) නව අණදෙන නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් ඩබ්ලිව්.ඩබ්.එන්.පී වික්‍රමආරච්චි පසුගිය අඟහරුවදා (ජූලි මස 04) දින ‘Gao Super Camp’ හිදී රාජකාරි භාර ගන්නා ලදී.

ප්‍රථමයෙන්ම නව අණදෙන නිලධාරීතුමන් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ රාජකාරි කරමින් සිටියදී දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

සංකේතාත්තමක නිල ලේඛනයකට අත්සන් තබමින් එතුමන් ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කළ අතර, අනතුරුව භටපිරිස් අමතා සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහාද එක් විය.