Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th August 2023 19:30:50 Hours

‘ශ්‍රී ලංකා තානාපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය - 2023’ අවසන් මහා තරඟයට 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබයි

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ‘ශ්‍රී ලංකා තානාපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය - 2023’ පසුගිය ඉරිදා (ජූලි මස 23) දින උදෑසන බේරූට්, අච්‍රාෆිහි (Achrafieh) ශාන්ත ජෝශප් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය යන රටවල්හි තානාපති කාර්යාල නියෝජනය කරමින් කණ්ඩායම් 12 ක් සහ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ ක්‍රිකට් කණ්ඩායම ඇතුළු ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ කණ්ඩායම් 07 ක සහභාගීත්වයෙන් පැවැත්විණි.

තරඟාවලියේදී 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් සිය දක්‍ෂතා දක්වමින් අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබාගත්හ. මේජර් එන්. මාන්නගේ සහ කපිතන් එස්. දිසානායක ගේ මෙහෙයවීම යටතේ 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ ක්‍රිකට් කණ්ඩායම තරඟවැදිණි.

ලෙබනනයේ වෙසෙන විදේශීය ප්‍රජාව අතර සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම තරඟාවලිය වාර්ෂිකව පවත්වනු ලැබේ. තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති එච්.ඊ. කපිල සුසන්ත ජයවීර මහතා විසින් තරඟවලිය සමාප්තියේ ජයග්‍රාහී කණ්ඩායමට පදක්කම් සහ කුසලාන ප්‍රදානය කරන ලදී.

මෙම තරඟාවලිය නැරඹීම සඳහා ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරනු ලබන රටවල්හි තානාපතිවරුන්, 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ද සහභාගී වූහ.