Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th July 2023 23:12:42 Hours

14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ කාර්යභාරය ඇගයීමට

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා ඇගයීම් අංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ කාර්ය සාධනය, සම්පත් භාවිතය, ප්‍රතිපත්ති සඵලතාවය, කළමනාකරණය සහ ව්‍යුහාත්මක කරුණු ඇගයීමට ලක්කිරීමේ වැඩසටහනක් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය වෙතින් පසුගිය අඟහරුවාදා (2023 ජුනි මස 27 දින) ග්‍රීන්හිල් කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වීය. බලසේනා සහ කොට්ඨාශයන්හී අණදෙන නිලධාරීන් යටතේ ස්ථාපිත ඒකකවල පරිපාලනමය කරුණු හඳුනාගැනීමේ අරමුණින් මෙම ඇගයීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී, ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ යෝග්‍යතාවය පිළිබඳ ඇගයීමට ලක්කෙරිණි.

14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ ශ්‍රම බලකාය, මෙහෙයුම් වත්මන් තත්ත්වයන් පිළිබඳ දැනුවත් කිරීම, පුහුණුව, සන්නිවේදනය සහ සැපයුම් කළමනාකරණය ඇගයීමට ලක්කිරීම සඳහා ලුතිනන් කර්නල් ඩැනියෙල් උසීටෝ (Lt Col Daniel Usieto), මේජර් කේ.සී. දීපක් (Major K. C Deepak), මේජර් මයිකල් ඇඩම්ස් (Major Michael Adams), මේජර් බර්නාඩ් ස්ටයින්මෙට්ස් (Major Bernard Steinmetz), මේජර් ක්‍රිස්ටියන් අසිග්‍රි (Major Christian Asigri), මේජර් අසිස් අරියාඩි (Major Asis Ariadi), මේජර් ජහ්රුල් ෆාමි (Major Jahrul Fahmi), මේජර් අල්කොමර් (Major Alkomar) සහ කැප්ටන් සාලිනා ඛඩ්කා (Captain Salina Khadka) සහභාගී වූහ.