2023-12-26 23:23:38
ලෙබනනයේ 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි කර්නල් ඩී.පී.එල්.ටී කළුඅග්ගල ආර්එස්පී යුඑස්පී අයිජි ඇතුළු නිලධාරින් පිරිසක් අසිරිමත් නත්තල වෙනුවෙන් සුබපැතුම් පිරිනමින් 2023 දෙසැම්බර් මස 24 දින ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ දූත මණ්ඩල ප්‍රධානී සහ බලසේනාධිපති ලුතිතන් ජෙනරල් ඇරොල්ඩෝ ලාසාරෝ (Lieutenant General Aroldo Lázaro Sáenz) හමුවිය.
2023-12-23 14:53:39
දේශීය තාක්ෂණික යෙදවුම් පිළිබඳ භටපිරිස් පුහුණු කිරීමේ අරමුණින් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ භටපිරිස් වෙත ‘තාක්ෂණික හැකියාවන් වර්ධනය’ යන තේමාව යටතේ පාඨමාලාවක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 16) දින පවත්වන ලදී.
2023-12-22 05:39:57
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ රාජකාරියෙහි නියුතු සාම සාධක හමුදා අතර සුහදත්වය වැඩි දියුණු කිරීම අරමුණු ලෙබනනයේ ශ්‍රී ලංකා 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම විසින් සුහද හමුවක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින Naquora, Greenhill හි Sri Base Camp පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.
2023-12-19 22:34:37
5 වන ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩායම මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානය මඟින් ලබාදුන් උපදෙස් අනුව පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින ‘Gao’ ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ සිදුකරනු ලැබූ රාජකාරීන් සාර්ථකව අවසන් කර භාරදෙන ලදී.
2023-11-30 09:22:08
ලෙබනනයේ ශ්‍රී ලංකා 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ භටපිරිස් සඳහා සිතියම් කියවීමේ පුහුණු අභ්‍යාසයක් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී නොවැම්බර් මස 13 සහ 14 දිනයන්හිදී පවත්වන ලදී.
2023-11-28 09:28:54
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය (UNIFIL) යටතේ සේවයේ නියුතු 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ (SLFPC) භටපිරිස්හි තාක්ෂණික කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ඔවුන් වෙත ග්‍රැෆික්ස් නිර්මාණකරණය පිළිබඳ සංස්කරණ පාඨමාලාවක් හඳුන්වාදෙනු ලැබීය.
2023-11-24 06:08:00
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) උතුරු අංශයේ සේවයේ නිරතව සිටින භටපිරිස්හි ක්‍රියාන්විත රාජකාරීන්හි සමාප්තිය සනිටුහන් කරන අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත සහ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධානී එම් අල් ගාසීම් වේන් (Mr. M. EL-Ghassim Wane) මහතා ප්රමුඛ නියෝජිත කණ්ඩායමක් 2023 නොවැම්බර් මස 09 වන බ්‍රහස්පතින්දා දින ගාඕ ප්‍රදේශයේ පිහිටි කඳවුරු පරිශ්‍රයේ නිල සංචාරයක නිරතවිය.
2023-11-24 05:49:12
5 වන ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩායම පසුගිය දා ගාවෝ (GAO) ගුවන්තොටුපලේදී බංගලාදේශ සාමසාධක බලඇණියෙන් රාජකාරි කටයුතු නිල වශයෙන් භාරගත්තේය.
2023-11-13 20:38:40
එක්සත් ජාතීන්ගේ විනය සුරකීමේ කණ්ඩායම විසින් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 07) දින මාලි හි ‘Gao Super Camp’ පරිශ්‍රය වෙත පැමිණ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 5 සංග්‍රාමික ආරක්ෂක භඨ කණ්ඩයේ අවදානම් තක්සේරු පරීක්ෂණය සිදු කරන ලදී.
2023-10-15 22:45:06
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරීන්හි නිරතව සිටින 5 සංග්‍රාමික රථ ආරක්ෂක භට ඛණ්ඩයේ (CCC) භටපිරිස් 2023 ඔක්තෝබර් මස 10 දින ගාවෝ (Gao) Super Camp පරිශ්‍රයේදී 74 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුම් උත්සවයක් පැවැත්වීය.