Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th August 2023 21:29:30 Hours

කුකුලේගඟ සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය මගින් පවැතුවූ පාඨමාලා ද්විත්වයක් සාර්ථකව අවසන් කරයි

කුකුලේගඟ සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය මගින් පවත්වනු ලැබූ මෙහෙයුම් මූලස්ථාන ආරක්‍ෂක කණ්ඩායම් පෙර පුහුණු පාඨමාලාව අංක - 15 සහ ගුවන් හමුදා භඨ පිරිස් පෙර පුහුණු පාඨමාලාව අංක - 09 යන පාඨමාලාවන් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස10) දින සාර්ථකව අවසන් විය.

පාඨමාලාවන් 2023 ජුලි මස 10 වන දින ආරම්භ කරන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ බලකා සහ රෙජිමේන්තු නියෝජනය කරමින් හමුදා සාමාජිකයින් 280 දෙනෙකු සහභාගී වූහ.

කුකුලේගඟ සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය මගින් එක්සත් ජාතීන්ගේ සාමාසාධක රාජකාරි සඳහා සහභාගී වන යුද්ධ හමුදා සාමාජිකයන්ට රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුමක් ලබාදීම සඳහා මෙම විශේෂිත පාඨමාලා සැලසුම් කර පවත්වනු ලබයි.

පාඨමාලා විෂය නිර්දේශය සඳහා ක්ෂේත්‍ර පුහුණුවීම්, ඉදිරිපත් කිරීම්, විභාග අභ්‍යාස, Falcon Strike ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය යනාදී පුහුණුවීම් ඇතුලත් විය.

සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කුකුලේගඟ සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් සී.ඒ රාජපක්‍ෂ ආර්එස්පී සහභාගී විය.