Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd July 2023 21:49:23 Hours

මාලි රාජ්‍යයේ 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම රාජකාරී නිමාවෙන් පසුව දිවයිනට පැමිණෙයි

නිලධාරින් 06 දෙනෙකු සහ සෙසු නිලයින් 155 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පළමු අදියරේදී දිවයිනට පැමිණි අතර, ඉතිරි කණ්ඩායම දින කිහිපයකින් 5 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම වෙත එම රාජකාරින් භාරදීමෙන් පසුව මෙරටට පැමිණීමට නියමිතව ඇත.

දිවයිනට පැමිණි පළමු කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.එම්.ආර්.එන්.කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, නිලධාරීන් සහ ඔවුන්ගේ ඥාතීන් පැමිණ සිටියහ.

නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 ක්‌ ඇතුළත් වූ යුද්ධ හමුදාවේ 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම 2022 මැයි මස 23 වන දින මාලා රාජ්‍යය බලා පිටත්ව ගියහ.