Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2023 09:22:08 Hours

ලෙබනනයේ 14 මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් සඳහා සිතියම් කියවීමේ පුහුණු අභ්‍යාසයක්

ලෙබනනයේ ශ්‍රී ලංකා 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් සඳහා සිතියම් කියවීමේ පුහුණු අභ්‍යාසයක් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී නොවැම්බර් මස 13 සහ 14 දිනයන්හිදී පවත්වන ලදී.

14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි කර්නල් ඩී.පී.අයි.ටී කළුඅග්ගල ආර්එස්පී යූඑස්පී අයිජී ගේ අධීක්‍ෂණය මත තම බල ප්‍රදේශයේ දෛනික මෙහෙයුම් කටයුතු යාවත්කාලීන කිරීම ඉලක්ක කරගනිමින් මෙම පුහුණු අභ්‍යාසය පවත්වනු ලැබීය

අභ්‍යාසයන්හිදී යුදෝපායික මෙහෙයුම් මධ්‍යස්ථානය සහ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය ඒකාබද්ධව භූමියේ රාජකාරි සිදුකරනු ලබන භටපිරිස් අතර පෙරහුරු අභ්‍යාස සිදුකරමින් සම්බන්ධීකරණ යාන්ත්‍රනය ගොඩනගා ගන්නා ආකාරය පිළිබදව මෙහිදි අධ්‍යනය කරනු ලැබීය.

පුහුණු අභ්‍යාසයේදී, සිතියම් දිශාගත කිරීම, ඉදිරි දිශානතියක් ලබාගැනීම, උපායික මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම, දුර විනිශ්චය කිරීම, රාත්‍රී නිරීක්‍ෂණ, නිරීක්‍ෂණ ඛණ්ඩ රාජකාරි, කථා පිළිවෙත ප්‍රායෝගික පුහුණු විම් සහ සිදුවීම් වාර්තාවක් සකස් කිරීම පිළිබඳව භඨ පිරිස් සිය දැනුම වැඩිදියුණු කරගනු ලැබීය.

පුහුණු අභ්‍යාසය තුලින් මගින් නිවැරදිව හා ඵලදායී ලෙස රාජකාරි සිදුකිරීම තුලින් භඨපිරිස් හි ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නා ආකරය පිළිබදව අධ්‍යනය කරනු ලැබු අතර, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ නියෝජ්‍ය බලසේනාධිපති විසින් මෙම කාර්යය අගය කරන ලදී.