23rd December 2023 14:53:39 Hours
දේශීය තාක්‍ෂණික යෙදවුම් පිළිබඳ භටපිරිස් පුහුණු කිරීමේ අරමුණින් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් වෙත ‘තාක්ෂණික හැකියාවන් වර්ධනය’ යන තේමාව යටතේ පාඨමාලාවක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 16) දින පවත්වන ලදී.
පාඨමාලාව මගින් නිවාස සඳහා විදුලි රැහැන් ඇදීමේ තාක්‍ෂණය, මෝටර් රථ තාක්‍ෂණය, මෝටර් රථ විදුලි පද්ධතිය, මෝටර් රථ තීන්ත ආලේපනය, පෑස්සුම් ශිල්පීය ක්‍රම, ස්වයංක්‍රීය තීන්ත ආලේපනය, තොරතුරු තාක්‍ෂණය පිළිබඳ විශයානුබද්ධ න්‍යායාත්මක සහ ප්‍රායෝගික සැසි ඔස්සේ කරුණු සාකච්ඡා කරනු ලැබීය.
පාඨමාලාවේ ආරම්භක දේශනය පාඨමාලා භාර නිළධාරීගේ ආරාධනයෙන් 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් ලංකා කළුඅග්ගල විසින් සිදුකරන ලදී. මෙම පුහුණු වැඩසටහන සඳහා කාන්තා සෙබලියකු ඇතුළුව සෙබලුන් 16 දෙනෙකු සහභාගී වූහ.