Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd December 2023 05:39:57 Hours

ලෙබනනයේ ශ්‍රී ලංකා 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම විසින් සුහද හමුවක් සංවිධානය කරයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ රාජකාරියෙහි නියුතු සාම සාධක හමුදා අතර සුහදත්වය වැඩි දියුණු කිරීම අරමුණු ලෙබනනයේ ශ්‍රී ලංකා 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම විසින් සුහද හමුවක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින Naquora, Greenhill හි Sri Base Camp පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.

14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරීතුමන්ගේ ආරාධනයෙන් විවිධ ජාතීන් සහ විවිධ සංස්කෘතීන් නියෝජනය කරන නිලධාරීන් සහ සෙසුනිලයින් අවස්ථාවට එක් වූ අතර, එමගින් මෙම සුහද හමුව වඩාත් වර්ණවත් වූහ.

ලෙබනනයේ පවතින අභියෝගාත්මක කාලවලදී සාම සාධක භටපිරිස් කැපවීමෙන් එකිනෙකා අතර සුහදත්වයෙන් යුතුව රාජකාරී කටයුතු සිදුකිරීම අගය කිරීම සඳහා මෙම සුහද හමුව පවත්වන ලදී.