13th November 2023 20:38:40 Hours
එක්සත් ජාතීන්ගේ විනය සුරකීමේ කණ්ඩායම විසින් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 07) දින මාලි හි ‘Gao Super Camp’ පරිශ්‍රය වෙත පැමිණ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 5 සංග්‍රාමික ආරක්‍ෂක භඨ කණ්ඩයේ අවදානම් තක්සේරු පරීක්ෂණය සිදු කරන ලදී.
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිථාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ විශේෂ නියෝජිත උපදේශක මණ්ඩලයේ කටයුතු කරන ගාන්ධි ශුක්‍රී මහතා (Mr. Ghandhi Shukri ) සහ ඔහුගේ කණ්ඩායම සමඟ කඳවුර තුළ සංචාරයක් සිදුකර නිරීක්‍ෂණ කටයුතු සිදුකරනු ලැබූ අතර, එහිදී ඔවුන් විසින් ‘Gao Super Camp’ හි අණදෙන නිලධාරීතුමන් විසින් කදවුරේ ආරක්‍ෂාව පිළිබඳව ඇති සූදානම, ලිංගික අපයෝජන වැලැක්විමට ගෙන ඇති පියවර සහ භටපිරිස් වෙත සපයනු ලබන සුභසාධක කටයුතු සබැදිව පරික්‍ෂාවන්ට ලක්කරන ලද අතර, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රශංසාවට ලක් කළහ.