Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2023 22:34:37 Hours

5 වන ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම මාලි රාජ්‍යයේ ‘Gao Super Camp’ පරිශ්‍රයේ ආරක්‍ෂාක රාජකාරි භාරගනියි

5 වන ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානය මඟින් ලබාදුන් උපදෙස් අනුව පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින ‘Gao’ ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ සිදුකරනු ලැබූ රාජකාරීන් සාර්ථකව අවසන් කර භාරදෙන ලදී.

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානය උපදෙස් මත 5 වන ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එන්.පී වික්‍රමාරච්චි ‘Gao‘ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආරක්‍ෂක රාජකාරි මාලි රාජ්‍යයේ ආරක්‍ෂක බලකාය (MDSF) වෙත නිල වශයෙන් භාරදීම ‘Gao‘ ගුවන් තොටුපල පරිශ්‍රයේදී පැවැත්විණි. එම අවස්ථාවට මාලි රාජ්‍යයේ ආරක්‍ෂක බලකායේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.

එක්සත් ජාතීන්ගේ උපදෙස් මත 2023 දෙසැම්බර් මස 31 දිනට පෙර මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් අවසන් කොට එම රාජකාරීන්හි නියුතු රටවල්හි හමුදා භටපිරිස් හමුදා උපකරණ සහ සන්නද්ධ රථ එම රටවල්වලට ගෙන්වා ගැනීම ආරම්භ කර ඇත.

රථවාහන සඳහා පරිවාර ආරක්‍ෂාව සහ ගුවන් තොටුපල ආරක්‍ෂාව ලබාදුන් මෙරට ආරක්‍ෂක භටකණ්ඩායම සිය සාම සාධක රාජකාරි සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින ‘Gao Super Camp’ පරිශ්‍රයේ මූලික ආරක්‍ෂාව 5 වන ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායමේ විසින් භාර ගන්නා ලදී.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ උපදෙස් පරිදි අතුල් ඛාරි මහතා (Mr. Atul Khary) පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින Gao හි පිහිටි බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ නැගෙනහිර මූලස්ථානයට ගොස් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල වර්තමාන ප්‍රගතිය දැක බලා ගත්හ. එම නිල සංචාරයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන් භාවිතා කරන ලද ජර්මානු කැස්ත්‍රෝ කඳවුර මාලි රජයට භාරදීම සිදුකරන ලදී.