2023-03-03 17:30:08
මාන්කුලම් හි පිහිටි 573 වන පාබල බලසේනා මූලස්ථානය මගින් පවත්වනු ලැබූ දෙමළ භාෂා පුහුණු පාඨමාලා අංක - 2 සාර්ථකව අවසන් කළ භටපිරිස් වෙත සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පෙබරවාරි මස 20 වන දින එම මූලස්ථානයේදී පැවැත්විණි.
2023-02-17 21:35:35
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය සහ එක්සත් රාජධානියේ ආරක්ෂක විද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ වෘත්තීය හමුදා අධ්‍යනයේ වත්මන් සන්දර්භයන් සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳ සුවිශේෂී දර්ශනයන්ගෙන් සමන්විත ‘සේනාවිධායකවරුන් සඳහා වූ දෙවන දකුණු ආසියානු ජාත්‍යන්තර සමුළුව - 2023’ පෙබරවාරි මස 14 දින සිට 15 දින දක්වා සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී පැවැත්විණි.
2023-02-16 19:46:32
විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන නිලධාරීන් සඳහා භඨකාර්ය සම්පාදන ක්ෂේත්රය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේඅරමුණින් තෙදින සම්මන්ත්‍රණයක් නාවුල විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී මෙම මස 8 වන දින සිට 10 වන දින දක්වා පවත්වනු ලැබීය.
2023-02-16 19:42:36
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකු සඳහා වත්තල පිහිටි ‘ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම’ (Toyota Lanka (Private) Limited) විසින් එම ආයතයේ පුහුණු පරිශ්‍රයේදී රථවාහන ඉංජිනේරු ක්ෂේත්රය පිළිබඳව පුහුණු වැඩමුළුවක් පෙබරවාරි 15 සහ 16 යන දෙදින තුල පවත්වන ලදී.
2023-02-15 18:34:23
ගෝනවල සිරිපැරකුම් ධර්ම විද්‍යාලයේ පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාවේ පුහුණු උපදේශකයින් විසින් පසුගිය ඉරිදා (2023 පෙබරවාරි 12) දින එම පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් වෙත නායකත්ව කුසලතා සහ ශාරීරික යෝග්‍යතාවයන් වර්ධනය කරගැනීම සඳහා පුහුණු සැසියක් පවත්වන ලදී.
2023-02-13 21:35:25
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංක භටපිරිස් සංවිධානයෙන් පෙබරවාරි මස 09 සහ 10 යන දෙදින තුල එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51, 52, 55 වන පාබල සේනාංකයන්හි රාජකාරියෙහි නියුතු නිලධාරීන් 04 දෙනෙකු සහ සෙසු නිලයින් 31 දෙනෙකු වෙත ඡායාරූප කරණය පිළිබඳව දැනුවත් කිරීමේ දෙදින පුහුණු වැඩමුළුවක් පවත්වනු ලැබීය.
2023-02-12 09:00:06
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, නීති නිලධාරි වශයෙන් රාජකාරි කරනු ලබන කපිතන් නුවන් ගුණසේකර විසින් ‘මූලික පරීක්ෂණ උසාවියක් පැවැත්වීම’ යන මාතෘකාව යටතේ නීතිමය ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමේ හරවත් වැඩමුළුවක් පසුගිය බදාදා (08) දින එම මූලස්ථානයේදී පවත්වන ලදී.
2023-02-10 11:15:05
යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන පුහුණු පාසල මගින් පවත්වනු ලබන භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලා - අංක 09 (LSC) හි ශිෂ්‍ය නිලධාරීන් විසින් එම පාඨමාලාවේ අන්තර්ගතයක් ලෙස පසුගිය සිකුරාදා (03) ත්‍රිකුණාමලයේ චීන වරායේ පිහිටි ලංකා ඉන්දියානු තෙල් කර්මාන්ත ශාලා පර්යන්තයන් (IOC PLC) නැරඹීමේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූ අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ එම කර්මාන්තවල සැලසුම්කරණය සහ කළමනාකරණය පිළිබඳ නවීන න්‍යායන් සහ භාවිතයන් පිළිබඳ දැනුම ලබාගැනීමයි.
2023-02-06 19:30:18
දිවයින පුරා ස්ථාපිත රණවිරු සුවතා නිකේතනයන්හි සුවය ලබන රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් සිදුකරනු ලබන වෘත්තීය චිකිත්සක ක්‍රියාමාර්ග තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත්වූ ‘වෘත්තීය චිකිත්සාව පිළිබඳ පුහුණු පාඨමාලාවේ’ සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය පසුගිය සඳුදා (06) දින රාගම රණවිරු සෙවණේදී පැවැත්විණි.
2023-02-05 18:23:25
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (26) දින 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් ‘මනෝවිද්‍යාත්මක මෙහෙයුම්’ තේමාව ඔස්සේ පවත්වනු ලැබූ අධ්‍යාපනික සැසිය වෙනුවෙන් 583 වන බලසේනාව, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 165 දෙනෙකු සහභාගී වූහ.