Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th February 2023 19:46:32 Hours

විශේෂ බලකා නිලධාරීන් සඳහා භඨකාර්ය සම්පාදන ක්‍ෂේත්‍රය පිළිබඳ සම්මන්ත්‍රණයක්

විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන නිලධාරීන් සඳහා භඨකාර්ය සම්පාදන ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේඅරමුණින් තෙදින සම්මන්ත්‍රණයක් නාවුල විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී මෙම මස 8 වන දින සිට 10 වන දින දක්වා පවත්වනු ලැබීය.

තෙදින සම්මන්ත්‍රණයේදී එම විෂයය ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුම පුළුල් කිරීම, පවතින යුද්ධ හමුදා ක්‍රියා පටිපාටිය සහ භඨකාර්ය සම්පාදනය රෙගුලාසි ආදි කරුණු පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් සෙනරත් යාපාගේ ඉල්ලීමකට අනුව අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් රන්ජන් ජයසේකර විසින් සිදුකරන ලදී.

මෙම සම්මන්ත්‍රණය සඳහා විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ඒකක අණදෙන නිළධාරීන්, එම ඒකක වල උපකරණ පාලන නිලධාරීන් ඇතුළු නිලධාරීන් 50 කට අධික පිරිසක් සහභාගී වූහ.