16th February 2023 19:42:36 Hours
ශ්රී ලංකා විදුලි හා යාන්ත්රික ඉංජිනේරු බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකු සඳහා වත්තල පිහිටි ‘ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම’ (Toyota Lanka (Private) Limited) විසින් එම ආයතයේ පුහුණු පරිශ්රයේදී රථවාහන ඉංජිනේරු ක්ෂේත්රය පිළිබඳව පුහුණු වැඩමුළුවක් පෙබරවාරි 15 සහ 16 යන දෙදින තුල පවත්වන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ මගපෙන්වීම යටතේ අධ්යක්ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්රික ඉංජිනේරු මේජර් ජෙනරල් රන්ජන් ජයසේකරගේ මූලිකත්වයෙන් මෙම පුහුණු වැඩමුළුව පවත්වනු ලැබීය.
මෙම පුහුණු වැඩමුළුව තුලදී මෙරට භාවිතා වන වාහනවල මූලික නඩත්තුව හා නවීන තාක්ෂණික ක්රම මගින් නඩත්තු කටයුතු සිදුකිරීම සහ එම ශිල්පීය ක්රම යුද්ධ හමුදාව තුල භාවිතා හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කරන ලදී. එමෙන්ම එම නිලධාරීන් සඳහා වාහනවල කල්පැවැත්ම සම්බන්ධව භාවිතා කල හැකි නව තාක්ෂණය, ඇති වන කාර්මික දෝෂ සෙවීම, එම කාර්මික දෝෂ හදුනාගැනීම සහ ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳව දැනුම වැඩිදියුණු කර ගැනීමට ද මෙහිදී අවස්ථාව ලැබුණි.
මෙම පුහුණු වැඩමුළුවෙහි සංවිධාන කටයුතු ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගමෙහි සභාපති ‘සචිඕ යොට්සුකුරා’ (Sachio Yotsukura ), ප්රධාන විධායක නිලධාරී මනෝ අතුකෝරල සහ එම සමාගමෙහි උපදේශක උදය ෆ්රැන්සිස් යන මහත්වරුන් විසින් සිදුකරන ලදී.