Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd March 2023 17:30:08 Hours

573 වන පාබල බලසේනාව මගින් පවත්වනු ලැබූ දෙමළ භාෂා පුහුණු පාඨමාලා අංක-2 සාර්ථකව අවසන්

මාන්කුලම් හි පිහිටි 573 වන පාබල බලසේනා මූලස්ථානය මගින් පවත්වනු ලැබූ දෙමළ භාෂා පුහුණු පාඨමාලා අංක - 2 සාර්ථකව අවසන් කළ භටපිරිස් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පෙබරවාරි මස 20 වන දින එම මූලස්ථානයේදී පැවැත්විණි. 573 වන පාබල බලසේනා මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවය කරන සියලුම භටපිරිස් අතර දෙමළ භාෂා ප්‍රවීණතාවය වැඩි දියුණු කරමින් ප්‍රදේශයේ සිවිල් - හමුදා සහයෝගීතාවය වැඩි දියුණු කිරීම මෙම පාඨමාලාව ආරම්භ කිරීමේ මූලික අරමුණ විය.

මාසක කාල සීමාවක් පුරා පැවති මෙම දෙමළ භාෂා පුහුණු පාඨමාලාව සඳහා සෙසුනිලයින් 23 දෙදෙකු සහභාගී වූහ. සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් සහභාගි විය.