06th February 2023 19:30:18 Hours
දිවයින පුරා ස්ථාපිත රණවිරු සුවතා නිකේතනයන්හි සුවය ලබන රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් සිදුකරනු ලබන වෘත්තීය චිකිත්සක ක්‍රියාමාර්ග තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත්වූ ‘වෘත්තීය චිකිත්සාව පිළිබඳ පුහුණු පාඨමාලාවේ’ සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය පසුගිය සඳුදා (06) දින රාගම රණවිරු සෙවණේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පුනරුත්ථාපන අධ්යක්ෂ බ්‍රිගේඩියර් ශිරෝන් ඒකනායක සහභාගී වූ අතර, රාගම රණවිරු සෙවන සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජීවන් ගුණතිලක ද උත්සව අවස්ථාව සඳහා සහභාගී විය.
පුනරුත්ථාපන හා රක්තවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලිලානි පනංගල මහත්මියගේ අධීක්ෂණය මත පවත්වනු ලැබූ මෙම වෘත්තීය චිකිත්සාව පිළිබඳ පුහුණු පාඨමාලාව 2022 දෙසැම්බර් මස 29 දින සිට 2023 පෙබරවාරි මස 03 දින දක්වා පැවැත්විණි.
රාගම රණවිරු සෙවණ, මිහිඳු සෙත් මැදුර