Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th August 2024 12:55:19 Hours

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ආහාර පරිභෝජනය පිළිබඳ දේශනයක්

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මේජර් වී.ජී. කපුගමගේ විසින් ආහාර පරිභෝජනය පිළිබඳ දේශනයක් පැවැත්වීය.

ආහාර පරිභෝජනයේ වැදගත්කම, ශරීරයට හිතකර හා අහිතකර ආහාර වර්ග හා ආහාරවල ඇති පෝෂණ තත්ත්වය පිළිබඳව භට පිරිස් දැනුවත් කිරීම මෙම දේශනයේ මූලික අරමුණ විය.

මෙම සැසිය සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.