Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th August 2024 06:06:00 Hours

නාගරික සටන් පාඨමාලා අංක - 03 සහතික ප්‍රදානෝත්සවය “මන්කි බ්‍රිජ්” හී පැවැත් විය

විශේෂ බළකා පුහුණු පාසල මගින් පවත්වනු ලැබූ නාගරික සටන් පාඨමාලා - අංක 03 සහතිකපත් ප්‍රදානෝත්සවය මන්කි බ්‍රිජ් (Monkey Bridge) පිහිටි 4 විශේෂ බළකා රෙජිමේන්තු පරිශ්‍රයේදී නිලධාරීන් 02 දෙනෙකු සහ සෙසුනිලයන් 59 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2024 අගෝස්තු මස 12 දින පැවැත්විණි. .

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහභාගී විය. 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් උත්සවයට සහභාගී වූහ.