2024-11-01 10:36:00
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් වෙනුවෙන් ‘ඉංජිනේරු සේවා බලකායේ කාර්යභාරය සහ වගකීම්’ මැයෙන් 2024 ඔක්තෝබර් මස 25 දින පුනානි ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මුලස්ථානයේදී දේශනයක් පවත්වන ලදී.
2024-10-31 18:17:03
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙතින් ‘නිලධාරි පුහුණු දිනය 2024-II’ 2024 ඔක්තෝබර් මස 24 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2024-10-29 14:17:53
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ බ්‍රිගේඩියර් පී. විතානගේ ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදන ආයතනයක් වන FERENTINO Tyre Corporation පුද්ගලික සමාගම වෙතින් යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් 2024 ඔක්තෝබර් මස 25 දින එක්දින අධ්‍යාපනික වැඩමුළුවක් පවත්වනු ලැබීය. මෙම වැඩමුළුවේදී, එම කර්මාන්තශාලාවේ සංචාරයක් සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සාමාජිකයන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කරනු ලැබූ තාක්ෂණික සැසියක් ද පැවැත්විණි.
2024-10-27 19:55:19
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ CPR (හෘද පෙණහලු පුනර්ජිවනය) පිළිබඳ දේශනයක් 2024 ඔක්තෝබර් මස 23 දින 21 පාබල සේනාංක මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.
2024-10-27 13:52:31
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යුඑස්පී ගේ ප්‍රධානත්වයෙන් 2024 වර්ෂයේ සිව්වන කාර්තුව සඳහා නිලධාරීන්ගේ පුහුණු දිනය 2024 ඔක්තෝබර් මස 25 දින විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විය.
2024-10-19 21:14:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වනු ලැබූ උසස් ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක 12, ගම්පොළ පිහිටි එම පුහුණු මධ්‍යස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 30 දින සිට ඔක්තෝබර් මස 16 දින දක්වා සාර්ථකව පවත්වන ලදී. මෙම පාඨමාලාව සඳහා සිසුන් 57 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී ආපදා ප්‍රතිචාර දැක්වීම සහ ආපදා කළමනාකරණය පිළිබඳ ඔවුන්ගේ කුසලතා සහ දැනුම වැඩි දියුණු කරන ලදී.
2024-10-18 18:37:35
බදාදා දින පුහුණු දිනය වෙනුවෙන් යුද්ධ හමුදා විනය පවත්වා ගැනීම පිළිබඳව දේශනයක් 2024 ඔක්තෝබර් මස 16 දින 1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා දේශන ශාලාවේදී පවත්වන ලදී.
2024-10-14 18:05:38
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තුවේ නිලධාරීන් 25 දෙනෙකු සඳහා Lead-Acid බැටරිවල තාක්ෂණය සහ නඩත්තු කිරීම පිළිබඳ එක්දින වැඩමුළුවක් 2024 ඔක්තෝබර් මස 11 දින රත්මලාන ‘Elcardo’ කර්මාන්ත ශාලාවේදී පැවැත්විණි.
2024-10-08 15:29:55
‘බෝම්බ සහ වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලා අංක - 08’ හි විසිරයාමේ පෙළපාලිය සහ සහතිකපත් ප්‍රධානෝත්සවය 2024 ඔක්තෝම්බර් මස 04 දින ඉංජිනේරු පුහුණු පාසලේදී පැවැත්විණි.
2024-10-05 21:04:19
ගෝලීය සාම මෙහෙයුම් මුලපිරීමේ අයතනය (Global Peace Operations Initiative) විසින් අනුග්‍රහය දක්වන ලද එක්සත් ජාතීන්ගේ සිවිල් පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පාඨමාලා අංක 02 ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2024 ඔක්තෝම්බර් මස 04 දින සාර්ථකව අවසන් කරන ලදී.