Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th August 2024 07:58:34 Hours

ගංවතුර ආපදා අවස්ථාවලදී පීඩාවට පත්වූවන් සොයාගැනීමේ සහ මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා යුද්ධ හමුදා භට පිරිස් වෙත මෝටර් බෝට්ටු පුහුණුවක්

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී ගේ මගපෙන්වීම යටතේ නිලධාරීන් සහ සෙසු නිලයන් 68 දෙනෙකු සඳහා විශේෂ මූලික යාන්ත්‍රික බෝට්ටු සහ ඔරු පුහුණු පාඨමාලාවක් සංවිධානය කරන ලදී.

මෙම පුහුණුව 2024 අගෝස්තු මස 5 දින සිට 2024 අගෝස්තු මස 13 දක්වා ඇඹිලිපිටිය යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේදී අදියර දෙකකින් පවත්වන ලදී. මෙම පාඨමාලාවේදී ගංවතුර සහ ස්වභාවික විපත් වලදී පීඩාවට පත්වූවන් සොයාගැනීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය වීම සඳහා අත්‍යවශ්‍ය මෝටර් බෝට්ටු මෙහෙයුම් දක්‍ෂතා වැඩිදියුණු කිරීම මෙම පාඨමාලාවේ අරමුණවිය. පාඨමාලාව සඳහා සහභාගීවූවන්ට සහතික පත්‍රයක්ද ප්‍රදානය ලදී.