08th August 2024 14:14:13 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ නිලධාරින් 62 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථාන ‘සන්නද්ධ බලකා නිවස්නය’ (Cavalry Mess) දී Diners' Club වැඩසටහනක් 2024 ජූලි මස 31 දින පවත්වන ලදී
වැඩසටහනේ ප්‍රධාන දේශනය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් සිදුකරන ලදී. මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලසේනාවේ බ්‍රිගේඩියර් ඒ.ඒ.ඩී.පී. කුලතිලක යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත සිදු කෙරුණු අතර නිලධාරින් හට ඔවුන්ගේ භූමිකාව පිළිබඳ දැනුම වැඩි දියුණු කිරිම මෙම වැඩසටහනේ අරමුණ විය .