Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th February 2023 20:07:38 Hours

54 වැනි සේනාංකය ආරක‍්‍ෂක සේනා මූලස්ථානය- වන්නි පැසිපන්දු ශූරතාව දිනා ගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි 25 වන සංවත්සර උත්සවයට සමගාමීව 62 වන පාබල සේනාංක භටපිරිස් විසින් 21, 54, 56 සහ 65 යන පාබල සේනාංක සමඟ සම්බන්ධීකරණයෙන් වන්නි භටපිරිස් අතර අන්තර් සේනාංක පැසිපන්දු තරඟාවලියක් සංවිධානය කරන ලදී. මෙම තරඟාවලිය පෙබරවාරි මස 24 සහ 25 යන දෙදින තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ක්‍රීඩා සංකීර්ණයේදී පවත්වනු ලැබීය.

මෙම තරගාවලියේ මූලික වටය සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ඇති පැසිපන්දු කණ්ඩායම් 7ක් තරඟ වැදුණු අතර, එහිදි 54 පාබල සේනාංකය සහ 65 පාබල සේනාංකය සමඟ පැවැති අවසන් තරඟයේදී ඉතා තියුණු සටනකින් පසුව ලකුණු 36 ට එරෙහිව ලකුණු 37 ක් ලබා ගනිමින් ශූරතාවය දිනගැනීමට 54 පාබල සේනාංකය සමත්විය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර එහිදි එතුමන් විසින් ජයග්‍රාහකයින් සහ සහභාගී වූවන් සඳහා සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කරන ලදී. 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජනක රණසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් ඇතුලු ප්‍රේක්ෂකන් විශාල පිරිසක් තරඟාවලිය නැරඹීමට පැමිණ සිටියහ.