28th February 2023 17:20:08 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය, ඉදිරි නඩත්තු පෙදෙස - උතුර සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි යුද්ධ හමුදා අතර සාමාජිකයින් අතර සුහඳත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් 3 වන ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය පසුගිය සඳුදා (27) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ක්‍රීඩා පිටියේදී පැවැත්විය.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ උපදෙස් අනුව මෙම ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කරන ලද අතර, තරඟාවලිව සඳහා ක්‍රිකට් කණ්ඩායම් 14 ක් තරග කරන ලදී. එහිදී 3 වන ශ්‍රී ලංකා සංඥා බලකාය සහ 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබූ අතර, 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා ක්‍රිකට් කණ්ඩායම පිරිමි අංශයේ ශූරතාවයට හිමි කුසලානයත්, 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය කාන්තා අංශයේ ශූරතාවයට හිමි කුසලානයත් හිමිකර ගත් අතර, අනුශූරතා කුසලානය 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායට හිමි විය.
ක්‍රිකට් තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් සිය උපරිම සහයෝගය ලබාදෙමින් කටයුතු කල අතර, සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයට ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් ක්ලිෆර්ඩ් ද සොයිසා, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් දම්මික කරුණාපාල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.