Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th March 2023 21:20:33 Hours

51 වන පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක්

යාපනය ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භටපිරිස් විසින් පෙබරවාරි මස 18 සහ 19 යන දිනයන්හිදී කෝපායි හි 51 වන පාබල සේනාංක ක්‍රීඩා පිටියේදී සුහද ක්‍රිකට් තරගාවලියක් පවත්වන ලදී.

මෙම සුහද ක්‍රිකට් තරගාවලිය සඳහා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමක් ඇතුළුව සිවිල් ක්‍රිකට් කණ්ඩායම් පහක් සහභාගි වූහ.

මූලික වටයේදී පැවති තරඟවලින් අනතුරුව ‘කොන්ඩාවිල් මරුමලර්චි’ ක්‍රිකට් කණ්ඩායම සහ ‘ෆන් බ්‍රදර්ස්’ ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

අවසන් මහා තරඟයේදී කොන්ඩාවිල් මරුමලර්චි කණ්ඩායම කඩුලු 7කට ලකුණු 79 ක් රැස්කළ අතර, ෆන් බ්‍රදර්ස් කණ්ඩායම ලකුණු 60 කට සියලු දෙනා දැවී යන ලදී. තරඟාවලියේ ශූරතාව කොන්ඩාවිල් මරුමලාර්චි ක්‍රිකට් කණ්ඩායමට හිමිවිය.

ක්‍රිකට් තරඟාවලියේ අවසන් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ 51 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදර විසින් ජයග්‍රාහී ක්‍රීඩා කණ්ඩායම් වෙත සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කරන ලද අතර, අවසන් මහා තරඟාවලිව නැරඹීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල සහභාගී වූහ.

තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් පහත සඳහන් පරිදි වේ.

හොඳම පන්දු යවන්නා - සචිත් - ෆන් බ්‍රදර්ස් ක්‍රිකට් කණ්ඩායම

හොඳම පිතිකරු - කුජාත් - මරුමලාර්චි ක්‍රිකට් කණ්ඩායම

තරගයේ වීරයා - ක්‍රිෂ්ණදීපන් - මරුමලාර්චි ක්‍රිකට් කණ්ඩායම