28th August 2023 22:47:36 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 523 පාබල බලසේනාව වෙතින් සංවිධානය කරනු ලැබූ අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 22) දින යාපනය, අල්ලාරෙයි ප්‍රදේශයේ පිහිටි 7 විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ පීඑස්සී විසින් ලබාදෙන ලදි. තරඟාවලියේ අවසන් මහා තරඟයේදී 522 පාබල බලසේනා ක්‍රිකට් කණ්ඩායම සමඟ තියුණු තරඟයක නිරත වෙමින් 10 විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම ශූරතාවය දිනාගනු ලැබීය. තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ පීඑස්සී සහභාගී වූ අතර මෙම තරඟාවලිය සඳහා ක්‍රිකට් කණ්ඩායම් 12 ක් සහභාගී වූහ.
අවසන් මහා තරඟය සියැසින් දැකබලාගැනීම සඳහා 523 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.බී.එල්. පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 11 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, 7 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.