Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2023 20:12:01 Hours

‘ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලිය - 2023’ තරඟාවලියෙන් යුද්ධ හමුදාවේ මේජර් නලින්ද රත්නායකට රන් පදක්කම් ත්‍රිත්වයක්

ලන්ඩන් නුවර පැවති ‘ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලිය -2023’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ආර්.බී.එන්. රත්නායක අවුරුදු 40 ට වැඩි කේවල, ද්විත්ව සහ කණ්ඩායම් ඉසව්වලින් රන් පදක්කම් තුනක් දිනාගැනීමට සමත් විය.

තරඟාවලිය අගෝස්තු මස 16 19 දින දක්වා ‘A-2 Arena Crawley,’ ලන්ඩන්හිදී පැවති අතර ඒ සඳහා රටවල් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

රටවල් 30 කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟින් තරඟවැඳී අත්දැකීම් සම්භාරයක් රැස්කරගෙන ඇති මෙරට වඩාත් පළපුරුදු ජාත්‍යන්තර මට්ටමේ ටයිකොන්ඩෝ ක්‍රීඩකයෙකු වන මේජර් ආර්.බී.එන්. රත්නායක 2016 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලෝක හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ වත්මන් සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනු ලබයි.

ලෝක හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ මෙවැනි කීර්තිමත් තනතුරක් සඳහා තෝරාගත් පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරියා ලෙසද මේජර් ආර්.බී.එන්. රත්නායක හමුදා ඉතිහාසයට එක්වේ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලය, මෙම ක්‍රීඩකයා වෙත අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය.