Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st August 2023 19:31:00 Hours

‘අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලිය - 2023’ සාර්ථකව අවසන්

‘අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලිය - 2023’ මෙවරත් රෙජිමේන්තු 12 ක් නියෝජනය කරනු ලැබූ තරඟකරුවන් 72 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය ඉරිදා (අගෝස්තු මස 27) දින ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් තාවුල්ලේදී පැවැත්විණි.

මෙම ශූරතාවලියේදී තරඟවැදුනු ක්‍රීඩකයින් සඳහා මීටර් 750 පිහිනුම් තරඟය, කිලෝමීටර් 20 ක පාපැදි ධාවන තරඟය සහ කිලෝමීටර් 5 ක මැරතන් තරඟය සඳහා මුහුණදීමට සිදුවිය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා තුන්ප්‍රයාම කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

මෙම ශූරතාවලියේදී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායම ශූරතාවය දිනාගත් අතර ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා කණ්ඩායම අනුශූරතාවය දිනාගත්හ.

තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් පහතින් දැක්වේ:

පිරිමි ආධුනික කාණ්ඩය

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කාලතුවක්කු සෙබල එම්.සී.පී. මෙරිඥ්ඥගේ

දෙවන ස්ථානය - විජයභාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් බී.ඩී. ප්‍රියංකර

තෙවන ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බොඩියර් එච්.සී.කේ. සුගතපාල

පිරිමි ශූරතා කාණ්ඩය

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සාමාන්‍ය සෙබල ජී.ඒ.සී.එස්. වික්‍රමආරච්චි

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.පී.එස්.ආර්. ප්‍රියදර්ශන

තෙවන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.බී.ඒ. චන්ද්‍රසිරි

කාන්තා ශූරතා කාණ්ඩය

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.කේ.අයි.ටී. උදයකුමාරි