29th August 2023 21:57:49 Hours
සහකාර ශාරීරික අභ්‍යාස පුහුණු පාඨමාලාව - 129 සහ මූලික පිහිනුම් පාඨමාලාව - 166 හි විසිරයාමේ පෙළපාලිය අගෝස්තු මස 18 දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්විණි.
යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසුනිලයන් 130 දෙනෙකු මාස 2 ක් පුරාවට සහකාර ශාරීරික අභ්‍යාස පුහුණු පාඨමාලාව හැදෑරූ අතර මාස එක හමාරක කාලසීමාවක් පුරාවට පැවති මූලික පිහිනුම් පාඨමාලාව සඳහා සෙසුනිලයන් 31 දෙනෙකු සහභාගී වූහ.
මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.එ්.ඩී.සී.ආර්. කන්නන්ගර ආර්එස්පී සහභාගී විය.
පාඨමාලාවන්හි විශිෂ්ඨ දක්ෂතා දැක්වූවන් පහතින් දැක්වේ;
ලාන්ස් කෝප්රල් පී.ආර්.පී. පෙරේරා - පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස කුසලතා අනුපිළිවෙලින් ප්‍රථම ස්ථානය
සාමාන්‍ය සෙබල එස්.වී. ලක්මාලි - පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස කුසලතා අනුපිළිවෙලින් ප්‍රථම ස්ථානය
ලාන්ස් කෝප්රල් පෙරේරා පී.ආර්.පී. - පාඨමාලාවේ දක්ෂතම ජිම්නාස්ටික් ක්‍රීඩකයාට හිමි සම්මානය
ලාන්ස් කෝප්රල් ඒ.ජී.කේ.එස්.කේ. වීරසිංහ - පාඨමාලාවේ හොඳම යෝග්‍යතාව හිමි සෙබළා
සාමාන්‍ය සෙබල ජී.සී. හසංගිකා - පාඨමාලාවේ හොඳම යෝග්‍යතාව හිමි සෙබළිය
කෝප්රල් එම්.ජී.එල්.සී. විජේසූරිය - සහකාර ශාරීරික අභ්‍යාස පුහුණු පාඨමාලාවේ දක්ෂතම ඛණ්ඩභාර නිලධාරියා
ලාන්ස් කෝප්රල් කේ.ජී.එන්.පී. උදයකාන්ත - පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස කුසලතා අනුපිළිවෙලින් ප්‍රථම ස්ථානය