Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2023 10:35:03 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ‘අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය - 2023’ හි ශූරතාවය 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ‘අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය - 2023’ නොවැම්බර් මස 27 සිට 30 දින දක්වා නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන් පැවති මෙම අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය 21 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවත් අනුශූරතාවය 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවත් දිනාගනු ලැබූහ.

මෙම තරඟාවලියේදී ලාන්ස් කෝප්‍රල් ජී.පී.සී. පෙරේරා විසින් තරගාවලියේ වීරයා සහ දක්‍ෂතම පිතිකරුවාට හිමි සම්මාන දිනාගන්නා ලදී. අවසන් මහා තරඟයේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ලාන්ස් කෝප්‍රල් ඒ. දයාසිරිට හිමිවිය.