05th December 2023 19:40:46 Hours
චීනයේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙල - 2023, හිදී රිදී පදක්කමක් හිමිකර ගත් 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බළලත් නිලධාරි II කේ.ඒ.එස් දුලාන් වෙත උපහාර දැක්වීමේ උත්සවයක් පසුගියදා පොල්හේන්ගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්වීය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි බළලත් නිලධාරි II කේ.ඒ.එස් දුලාන්, ඔහුගේ භාර්යාව සහ පුහුණුකරු පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව පැවති විශේෂ උත්සවය අතරතුරදී , ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ඇතුළු එම බලකායේ සියලුම නිලයන් එක්ව එම කීර්තිමත් මලල ක්‍රීඩකයාට අත්පොළසන් හඬ මධ්‍යයේ කෘතඥතාව පළ කළහ.
උපහාර උළෙල සඳහා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.